පළාත් පාලන ඡන්ද විමසීම අදයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතය.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

පළාත් පාලන  මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 762

Leave A Reply

Your email address will not be published. Required fields are marked *