පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් අද දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම  වෙනුවෙන් අද (06)  දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා ඇත.අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්  සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 738

Leave A Reply

Your email address will not be published. Required fields are marked *