පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ නායකවරයා ඇතුළු සියලුම පක්ෂ නායකයින් අද (18) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි බව කී සභාපතිවරයා එහිදී අයවැය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් කළ බවද කීවේය .
එහිදී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන ලෙසයි එම පක්ෂ නියෝජිතයින් කොමිසමෙන් ඉල්ලා ඇති අතර
එමෙන්ම රජය මුහුණ දීමට ඉඩ ඇති එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ අප්‍රේල් මාසයේදී රජයේ සේවකයන් සඳහා වැටුප් ගෙවීම බවද ඔවුන් එහිදී අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , සමගි ජන බලවේග පක්ෂයේ ලේකම්වරයා, රවුෆ් හකීම්,පොන්නම්බලන්, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් විපක්ෂය නියෝජනය කරමින් ඒහි ගොස් තිබේ.
එම හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් සහභාගී වී නැත.