පළාත් රැසකට හෙටත් තද වැසි

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වල හෙට (19) දිනයේ දීත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවිමක් අද (18) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *