ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) සිය කැබිනට් මණ්ඩලය එළිදැක්වීමට දිනක් ගතවීමටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සමඟ සඳුදා උදෑසන පැයක සාකච්ඡාවකින් පසු එලිසේ මාලිගය විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී.මෙම කම්පන සහගත පියවර සිදුවන්නේ, ෆ්‍රැන්සුවා බයිරු ගේ පෙර ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වී දින 26කට පසුව වීම විශේෂත්වයකි.ජාතික සභාවේ (National Assembly) විපක්ෂයේ පක්ෂ විසින් ලෙකෝර්නුගේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය දැඩි ලෙස විවේචනය කරන ලදී. එය බොහෝ දුරට බයිරුගේ කැබිනට් මණ්ඩලයට සමාන වූ අතර, එයට එරෙහිව ඡන්දය දෙන බවට ඔවුන් තර්ජනය කර තිබුණි.පක්ෂ කිහිපයක් දැන් කල් ඇතිව මැතිවරණයක් ඉල්ලා සිටින අතර, සමහරු මැක්‍රෝන් මහතාටද ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිති. කෙසේ වෙතත්, ඔහු තම ධුර කාලය 2027 දී අවසන් වන තෙක් ඉල්ලා අස් නොවන බව නිතරම පවසා ඇත.2024 ජූලි මාසයේදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකින් එල්ලෙන පාර්ලිමේන්තුවක් (Hung Parliament) ඇතිවීමෙන් පසු ප්‍රංශ දේශපාලනය දැඩි ලෙස අස්ථාවර වී තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් ඕනෑම අග්‍රාමාත්‍යවරයෙකුට පනත් කෙටුම්පත් සහ වාර්ෂික අයවැය සම්මත කර ගැනීමට අවශ්‍ය සහය ලබා ගැනීම අපහසු වී ඇත.හිටපු සන්නද්ධ හමුදා අමාත්‍යවරයෙකු සහ මැක්‍රෝන් මහතාට පක්ෂපාතී පුද්ගලයෙකු වන ලෙකෝර්නු, වසර දෙකකට අඩු කාලයක් තුළ ප්‍රංශයේ පස්වන අග්‍රාමාත්‍යවරයා විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *