සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ නිදහස් චතුරස්රයේ සිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දක්වා ප්‍රතිජිවක ඖෂධ ප්‍රතිරෝධය මැයෙන් පා ගමනක් සංවිධානය කර තිබුනා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ක්ෂුද්‍රජීවි පිළිබද ආයතනය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස පවසා සිටියේ මෙවැන්නක්.
” මේ ප්‍රතිජිවක ඖෂධ භාවිතය බෙදාහැරීම කොටස් කිහිපයකට සිදුවෙනවා මෙහි වැඩිම වගකීම තියෙන්නේ සෞඛ්‍ය අංශ වලට සෞඛ්‍ය අංශ තමයි මේ ඖෂධ නියම කරන්නේ
ඒ වගේම ජනතාව ප්‍රතිජිවක ඖෂධ භාවිතා කිරීම සෞඛ්‍ය උපදෙස් අනුව පමණක් සිදුකල යුතුයි
ඒ වගේම විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වෙනවා මේ ඖෂධ සදහා ඒ වගේම රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මේ ඖෂධ නියම කිරීම ඉහළ ගොස් තිබෙනවා
අපි රජයක් හැටියටඉදිරියේදී රාජ්‍ය පෞද්ගලික අංශ නියමනය කරන්න කටයුතු කරනවා වගේම නිතිය ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනවා “