ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවේ

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලිබල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතවෙන් මාර්තු මස 27 වැනි දින පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශවලද කැලණිය වත්තල , බායගම , මහර , දොම්පේ , ජා -ඇල, කටාන , මිනුවන්ගොඩ, ප්‍රාදේශී සභා බල ප්‍රදේශවලද ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මේ සඳහා වැඩිදුර විස්තර සඳහා 1939 ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙසද එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

What's your reaction?

Related Posts

1 of 674

Leave A Reply

Your email address will not be published. Required fields are marked *