දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව, රත්නපුර ගැටන්ගම ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 108 – 116ත් අතර අගයක පවතින අතර ඇඹිලිපිටිය නගරයෙන් වාර්තා වන වායු ගුණාත්මකභාවය ඒකක 100-108ත් අතර අගයක සටහන් විය.
වායු ගුණාත්මක දර්ශකයට අනුව වායු ගුණාත්මකභාවය ඒකක 50ට අඩුවෙන් පැවතිම යහපත් ය.
කෙසේ වෙතත්, මේ වනවිට කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පවතින්නේ ඒකක 60 ඉක්ම වූ අගයකයි.
නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 44 – 52 ත් අගයක පවතියි.
ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.