ප්‍රදේශ රැසකට අදත් අධික උණුසුමක්

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු බවයි.

උතුරු, උතුරු මද , වයඹ, නැගෙනහිර , ඌව යන පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වයක් පවතිනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මිනිස් සිරුර වැඩි වෙලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඩු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්වය ඇති විය හැකි බවත් වැඩිහිටි පුද්ගලයන් සහ රෝගී පුද්ගලයන් මේ පිලිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සිමා කර සෙවන ඇති ස්ථාන වල රැදෙන ලෙසයි. 

What's your reaction?

Related Posts

1 of 681

Leave A Reply

Your email address will not be published. Required fields are marked *