ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි..

මධ්‍යම , ඌව , නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද දිනයේ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමග ප්‍රභල අකුණු ද ඇති විය හැකියි.

අන්තර් නිවර්තන අභිසාරි කලාපය මීට හේතුවී තිබේ.

මෙහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

තද වැසි සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.  

What's your reaction?

Related Posts

1 of 735

Leave A Reply

Your email address will not be published. Required fields are marked *