ප්‍රදේශ රැසකට යළිත් උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව  පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සබරගමුව සහ දකුණු පළාත්වලඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *