ප්‍රධාන වෛරස් තුනක් නිසා මේ දිනවල දරුවන් අතර පැතිරෙන ශ්වසන රෝගඇතිවන බව විශේෂඥ වෛද්‍ය සමිත ප්‍රසන්න ආරච්චි මහතා පවසයි.

ප්‍රධාන වෛරස් තුනක් නිසා මේ දිනවල දරුවන් අතර පැතිරෙන ශ්වසන රෝගඇතිවන බව විශේෂඥ වෛද්‍ය සමිත ප්‍රසන්න ආරච්චි මහතා පවසයි.
එහෙත් එය කොවිඩ් මෙන් ඉතා හානිදායක මට්ටමකට පැමිණිමේ ඉඩකඩක් නැතැයි ඔහු පෙන්වා දෙයි.
චීනයේ දේශගුණ තත්වය යටතේ යම් පීඩාකාරී තත්වයක් ඇති වුවද එය සාමන්‍ය තත්වයකි.

එසේම HMPV වෛරසයද කාලයක් තිස්සෙ ලෝකයේ පැවති වෛරසයක් වන අතර එහි ජාන වෙනස්වීමක් ගැනද කිසිදු සඳහනක් නැත.
එබැවින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදී හෝ ඉන්ෆ්ලුවන්සා තත්වයකදී එම රෝග පැතිරීම වැලැක්වීමට හා තමන්ට ආසාදනය වීම වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වරදක් නැතැයි විශේෂඥ වෛද්‍ය සමිත ප්‍රසන්න ආරච්චි මහතා පෙන්වා දුන්නා.
ඔහු මේ අදහස් පලකලේ කොළඹ පැවති වැඩසටහනකදී ….
කෙසේ වෙතත් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බව විශේෂඥ වෛද්‍ය සමිත ප්‍රසන්න ආරච්චි මහතා අවධාරණය කරයි

What's your reaction?

Related Posts

1 of 523

Leave A Reply

Your email address will not be published. Required fields are marked *