ප්‍රවාහන විෂය භාර ඇමති බිමල්කෝච්චියේවැඩට ඇවිත්

අද(ජන 20) උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා
කිසිඳු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටළු හඳුනාගෙන තිබෙනවා.
සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා හා සුහදව කතා බහ කරමින් ගිය බවද වාර්තා වෙනවා.

  • ඔහු ගමන් කළ දුම්රිය ද ව්නාඩි 13කපමණ ප්‍රමාද වී පැමිණ තිබෙනවා.
  • සමහර දුම්රියපොළවල් වල බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත ගොඩවෙමින් ගිය මේ ගමනින් බොහෝ ගැටලු හඳුනාගෙන තිබෙනවා.
  • එතරම් පැරණි නොවූ දුම්රියක් වුව ද විදුලි පංකා තිබූ බවට සළකුණු මිස මෙහි කිසිඳු විදුලි පංකාවක්(fan) නොතිබූ බව ද නිරී්ක්ෂණය වී තිබෙනවා.
  • අබාධිත අයට(රෝද පුටුවලින්) දුම්රියට ගොඩවීමට පහසුකමක් නැති බව ද ප්‍රායෝගිකවම දැක තිබෙනවා.
  • මාර්ගය දෙපස අපිරිසිදු තැන්, වැසිකිළි වල අපිරිසිදු තැන් ආදිය ද තිබූ බව කියැවෙනවා.
  • සමහර ව්ට අවදානම් සහිත, ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
    -කිසිඳු මාධ්‍යයකට නොදන්වා තනියෙන් ගොස් ඇති මේ ගමන දුරකථන මඟින් ලබාගත් ඡායාරූප සහ වීඩ්යෝ සමාජ මාධ්‍යයට නිකුත් වෙමන් යනවා

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *