ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිංහල ගායන ශිල්පී සහ සංගීතඥ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 65 වන වියේ පසුවූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද දිනයේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.​දශක කිහිපයක සිට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වූ රාජු බණ්ඩාර මහතා ගායන ශිල්පියෙකු, සංගීත නිර්මාණකරුවෙකු මෙන්ම දක්ෂ වේදිකා රංගන ශිල්පියෙකු ලෙසද කාගේත් ආදරය දිනා සිටියේය. ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සමීප ඥාතියෙකු වන ඔහු, සිය අනන්‍යතාවය රැකගනිමින් මෙරට සංගීත කලාවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි.

What's your reaction?

Related Posts

1 of 1,033

Leave A Reply

Your email address will not be published. Required fields are marked *