ප්‍රසංග සංවිධාකයින් දිරිමත් කිරීම සඳහා පොලිස් ආරක්ෂාව සඳහා ගෙවන මුදල 50%කින් අඩු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සංගීත ප්‍රසංගයක් පවත්වන දිනයකදී පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන දීමනාව වැඩිවීම නිසා ලංකාව පුරා විසිරී සිටින සැණකෙළි හා සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ට ගැටලු රාශියකට මුහුණ දී ඇතැයි විපක්ෂය විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කලා ක්ෂේත්‍රයේ නියැළි පිරිස් අධෛර්යමත් කිරීමට ආණ්ඩුව කිසි විටෙකත් උත්සාහ නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙැවනි විවිධ ප්‍රසංග පවත්වන කලාකරුවන් සහ සංවිධාන පසුගියදා ජනපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ බවත් ඒ අනුව එම මිල ගණන් 50%කින් පහළට ගෙන ඒමට ජනපති එකඟ වූ බවද කීය . ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බවද කීය.
