ප්‍රාදේශීය සභා අයවැය පරාජයෙන් පසු සභාපතිගෙන් කාන්තා මන්ත්‍රීවරියකට දැඩි දෝෂාරෝපණ!

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අයවැය ඊයේ (13) පරාජය වීමෙන් පසු සමගි ජන බලවේගයේ (SJB) කාන්තා මන්ත්‍රීවරියකට දැඩි ලෙස දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම්. ජයරත්න මහතා විවේචනයට ලක්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරිය වන නිකිනි අයෝධ්‍යා මහත්මිය විසින් පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇත. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගය නියෝජනය කරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා කියා සිටියේ සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් දැඩි පීඩනයකින් සිටි බවයි. “මම ටිකක් සැරෙන් කතා කළා. ඇය මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බව ද මම විශ්වාස කරනවා. මම ඉන්නේ දැඩි පීඩනයකයි,” ඔහු පැවසීය. මේ අතර, අදාළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිදුවීමෙන් පසු තමන් දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කළ බවත්, ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයාට භාර දීමට අදහස් කරන බවත්ය.

What's your reaction?

Related Posts

1 of 839

Leave A Reply

Your email address will not be published. Required fields are marked *