ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇල මාර්ගවලින් මුහුදට ගලා යාම වැළැක්වීමට නව පියවර: කොළඹට “ප්ලාස්ටික් ලූප්” ව්‍යාපෘතිය!

කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය හසුවන පරිදි “ප්ලාස්ටික් ලූප්” (Plastic Loops) සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් නොවැම්බර් 7 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නාවල ඇළ ආශ්‍රිතව ආරම්භ කරන ලදී. මෙම මුලපිරීම “Clean Sri Lanka” (පිරිසිදු ශ්‍රී ලංකාව) ජාතික වැඩසටහන යටතේ “PLEASE” ව්‍යාපෘතියේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වේ. මෙම පියවරේ අරමුණ වන්නේ කොළඹ නාගරික ජල මාර්ග හරහා ගංගාවලට සහ අවසානයේ සාගරයට ප්ලාස්ටික් දූෂණය ගලා යාම වැළැක්වීමයි. එය අගනුවර වර්ධනය වන ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. කොළඹ කලාපයේ ප්‍රධාන ඇළ මාර්ග 14 කට සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ගවලට මුදා හරින ප්ලාස්ටික් කැබලි, අධික වර්ෂාපතනයේදී ජල මාර්ග අවහිර වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිලධාරීහු පෙන්වා දෙති. මෙම නියමු ව්‍යාපෘතිය මඟින් එම ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂා අතපත්තු යන මහත්වරු සහභාගී වූහ. ජනාධිපති අතිරේක ලේකම් (පිරිසිදු ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය) එස්. පී. සී. සුගීශ්වර, අධ්‍යක්ෂ (පරිසර) අංජුල ප්‍රේමරත්න සහ අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ) දසුන් විජේසේකර යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *