පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ දී පෞද්ගලීකරණය එකම විකල්පය නෙමෙයි

රටක් ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ නාමයෙන් පෞද්ගලීකරණය කිරිම ද විවිධ නව ව්‍යවසායකත්ව කළමනාකරන සංකල්ප උපයෝගී කර ගෙන ලබන ලාභයටත් වඩා වැඩි ලාභයක් ලබා ගැනීමේ ක්‍රමවේදයකට ප්‍රවේශ වීම ද යන කරුණු කාරණා ගැන බරපතල ලෙස සිතිය යුතු බවත් බදු ගෙවන්නන්ගේ අරමුදල් නිකරුණේ ජාතික අවශ්‍යතාව සඳහා ධනාත්මක එකතුවක් ඇති නොකරන ආයතනවලට රිසි සේ මුදල් පොම්ප කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැකි වුවත් ඒවා ප්‍රතිව්‍යූහගත කරණයේ දී පෞද්ගලිකරණය ද එකම විකල්පය කියා සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අප රටටම ගැලපෙන ආකෘතියක් වැඩපිළිවෙළක් ඇති කර පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමත් ඒ තුළ යම් යම් අගතිගාමී තත්ත්වයන් කම්කරු පන්තියට එනවා නම් නව සැලසුම් හා නව විසඳුම් කරා යා යුතු බවත් මේ සෑම අවස්ථාවකදීම සෞභාග්‍යය යන්න ජන සමාජයේ බලවතුන්ට ප්‍රභූන්ට ඉහල කණ්ඩායම්වලට පමණක් සීමා නොවී ජන සමාජයේ හඬක් නොමැති නිහඩ බහුතරයට ද හඬක් බවට අප සැම දෙනා පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වෘත්තිය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍රගේ 60 වසරක වෘත්තීය සමිති දිවිය සැමරීම වෙනුවෙන් පැවැති වැඩසටහනක් අමතමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *