පාතාල වෙඩික්කරුවන් හඹා යන්න යතුරු පැදි 50ක්

පාතාල වෙඩික්කරුවන් ක්ෂණිකව හඹා යාමට විශේෂ යතුරු පැදි බලකායක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

තෝරාගත් ප්‍රදේශවල සැකකටයුතු නිවාස පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම නිරන්තරව ජංගම සංචාර සිදුකරනවා.

අපරාධ මර්දනය කිරීම සඳහා යතුරු පැදි 50ක් සමඟ නිලධාරීන් 100 දෙනකු යොදවා ඇත්තේ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණුව ලැබූ නිලධාරීන් මෙම යතුරු පැදි බලකායට අනුයුක්ත කොට තිබෙන අතර සැකකටයුතු තොරතුරු ලඟම පොලිසියට ලබාදෙන්නැයි පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *