පානදුර උතුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරියෙන් දෙදෙනෙකු යොදවා බස් රථවල වැරදි සිදු කරන රියදුරන් සහ අනෙකුත් රථ වාහන පරීක්ෂාකිරීමක් අද දින මොරටුව සහ පානදුර යාකරන පානදුර පරණ පාලම අසලදී සිදු කරන ලදී.
එහිදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කෙසෙල් වත්ත ප්රදේශයේ සිට බසයකට නැග එම බස් රථයේ රියදුරු සිදු කරනුලැබූ වැරදි රියදුරාට පැහැදිලි කිරීමෙන් පසු පානදුර උතුර රථවානන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් එම රියදුරාට දඩ පත්රිකාවක් ලබාදීමෙන් පසු එයට තම විරෝධය ප්රකාශකළ රියදුරු මහතා කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ බස් රථයේ සිටි සියලුම මගීන් බසයෙන් බස්සවා බස් රථය නැවත හරවාගෙන එමාස්ථානයෙන් පිටව ගියහ