පාපන්දු සභාපති යොවුන් කුසලානය මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියට

කොළඹ manchester පාපන්දු ඇකඩමිය සංවිධානය කළ FFSL youth president cup,
පාපන්දු තරගාවලියේ ඊයේ නිමාව දුටුවා. අවසන් තරඟ පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදී. (2-22) තරගාවලිය සඳහා ඇකඩමි කණ්ඩායම් දහයක් ක්‍රීඩා කරනු ලැබුවා මාස එකහමාරකට අධික කාලයක් ක්‍රීඩා පිටි දෙකක තරග පැවැත්වුණා
මෙහිදී අවුරුදු දාහතරෙන් පහළ සහ දාසයෙන් පහළ ලෙස තරග පැවැත්වුණා.
වයස 14න් පහළ අවසන් තරඟයේදී මැන්චෙස්ට පාපන්දු ඇකඩම් කණ්ඩායම බාසිලෝනා පාපන්දු ඇකඩමි කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය හිමිකරගත්තා
ගෝල එකට බිංදුවක් ලෙසයි මැන්චෙස්ටර් පාපන්දු කණ්ඩායම තරඟය ජය ගත්තේ

වයස අවුරුදු 16න් පහළ තරගයේදී මැන්චෙස්ට කණ්ඩායම ගෝල හතරට බිංදුවක් ලෙස සෝන්ඩස් පාපන්දු ඇකඩමි කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගත්තා.

Under 14 final
Mancester Soccer Academy 1 – Barcelona Football Academy 0
Under 16
Manchester Soccer Academy 4- Saunders Football Academy 0

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *