පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි.
අද (පෙබරවාරි 7) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර
අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිතව ඇත.
ඒ යටතේ හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ වතු ආශ්‍රිතව පවතින මාර්ග රජයට පවරා ගැනීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව , කිංස් නෙල්සන් මහතා විසින් ඉදිරිපත් කළ සමුපකාර සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට නිසි ප්‍රසම්පාදන වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ,රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ රජය සතුව සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව , චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කළ කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සහ රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ කොවිඩ් – 19 වසංගතයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීමෙන් වැළකී ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.