චීන රෝහල් නෞකාවෙන් මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ පරීක්ෂණ සේවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට.
චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
චීන රජයේ Mission Harmony – 2024 වැඩසටහනේ අංගයක් ලෙස මෙරටට පැමිණි මෙම රෝහල් නෞකාව දෙසැම්බර් 21 වනි දා කොළඹ වරායට සේන්දු විය. එතැන් සිට අද දින (27) දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැදි සිටන චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබාදීමට කටයුතු කරනු ලබයි.
මෙම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් මෙරට සහ ලෝකවාසී ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙන්ම සිදු කරනු ලබන මානුෂීය ප්රයත්නය මෙහිදී ඇගයීමට ලක්කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහායවීම තුලින් ශ්‍රී ලංකා චීන ද්විපාර්වික සබඳතා තව තවත් ශක්තිමත් වන බව මෙහි දී පෙන්වා දෙන ලදි. ඉතා දීර්ඝ කාලයක සිට මෙරට සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය කටයුතු වල උන්නතිය වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් එය ඉතා අගය කොට සළකන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
අතිනවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත මෙම රෝහල් නෞකාව මගින් සිටී ස්කෑන් පරීක්ෂණ ඇතුලු සියළුම සෞඛ්‍ය පරීක්ෂණ පමණක් නොව චීන කටු ප්‍රතිකාර ඇතුලු චීන ආයුර්වේද වෛද්‍ය සේවා ද ලබාදෙනු ලබයි. ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, ගිලන් රථ, හෙලිකොප්ටර් සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුලු පහසුකම් රැසකින්ද මෙම නෞකාව සමන්විතය.
ලෝකය පුරා සිදුවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබාදීම නෞකාවේ ප්‍රධානතම අරමුණ වන අතර, නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය 2008 වසරේ සිට වෛද්‍ය ආධාර ලබාදීමේ සේවයට යොදවා ඇත.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජනරාල් අරුණ ජයසේකර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටිය