පාසල් නිවාඩු දීමට හෝ මාර්ගගත අධ්‍යාපනයට මෙතෙක් තීරණයක් නැත

QR කේත ක්‍රමය යළි ක්‍රියාත්මක වීමත් සමඟ මතුව ඇති ඉන්ධන පෝලිම් හේතුවෙන් පාසල් කටයුතු අත්හිටුවීමට හෝ දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාසල් සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුමට සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්ට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ඊයේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඕනෑම අභියෝගාත්මක තත්ත්වයක් යටතේ වුවද අත්‍යවශ්‍ය පොදු සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම පිළිබඳවයි.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *