16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සැකකරුවෙකු වූ 28 හැවිරිදි හිටපු සොල්දාදුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ, මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචි 10 වසරේ ඉගෙනුම ලැබූ හේවාගේ මල්කි දිල්රුක්ෂි නමැති ශිෂ්‍යාවකි. පොලිස් පරීක්ෂණවලට අනුව, මියගිය තරුණිය සහ සැකකාර හිටපු සොල්දාදුවා අතර ප්‍රේම සම්බන්ධයක් පැවති තිබේ. තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් පවත්වන බවට සැක කිරීම හේතුවෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. හිටපු සොල්දාදුවා වසරක පමණ කාලයක් තිස්සේ මියගිය ශිෂ්‍යාවගේ නිවසේ කුලී කාමරයක පදිංචිව සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු ඊයේ (14) රාත්‍රියේ තරුණියගේ නිවසට පැමිණ ඇය පිහියෙන් ඇන ඝාතනය කර පසුව අසල ඇති තේ වත්තක ගෙල වැලලාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පොළ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
























