පාසල් සිසුන්ට රජයෙන් පෝෂණ වැඩසටහනක්

සියලුම රජයේ පාසල් වල 1 – 5 ශ්‍රේණිවල සිසුන් සඳහාත්, ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල් වල සියලුම සිසුන් සඳහාත් විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සඳහාත්, තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් සඳහාත් ඇතුලු සමස්ත සිසුන් ලක්ෂ 15කට අධ්‍යාපන කලාප 100කට අයිති පාසල් 8956ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, යහපත් ආහාර හා සෞඛ්‍ය පුරුදු වර්ධනයට සහ සැමට අධ්‍යාපනය ලබාදීමේ තේමාව සහතික කිරීම සඳහා මෙම පෝෂණ ව්‍යාපෘතිය දියත් කළ බවද වැඩිදුරටත් පැවසුවේය

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *