පාසල් සිසුන් රැගත් බසයක් අනතුරට: දරුවන් 9ක් රෝහලේ

සපුගස්කන්දේ සිට පැමිණි පාසල් සිසුන් පිරිසක් රැගත් බසයක් අද (19) දහවල් රාගම පොලිස් වසමේ, බටුවත්ත දුම්රිය ස්ථානය අසලදී අනතුරට ලක්ව තිබේ.​අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් පිරිස බටුවත්ත මහා විද්‍යාලයේ පැවති ජම්බෝරියකින් ආපසු එමින් සිටි බව පොලිසිය පැවසීය. අනතුර සිදුවන විට දරුවන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහ ගුරුවරුන් හා දෙමාපියන් කිහිප දෙනෙකු බසයේ ගමන් කර ඇත.​අනතුරින් දරුවන් 9 දෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.​රාගම පොලිසිය අනතුරට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *