“පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියි”

2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ, පාස්කු ප්‍රහාරයේ වගකීම් උල්ලංඝණය කළ බවට චෝදනා ලැබු පුද්ගලයින් උසස් තනතුරු සඳහා පත්කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියේ බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මේ වනවිට අවිනිශ්චිත බව ද 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතය පවා දෙගුණයකින් ඉහළ ගොසින් ඇති බව මහකොමසාරිස්වරයා කියා සිටියා.

එමඟින් වැඩි වැඩියෙන් කුටුම්භවලට අධ්‍යාපනය හෝ පෝෂණය අතරින් ආහාර හෝ සෞඛ්‍යය තෝරා ගැනීමට බල කර තිබෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළැඹ ඇති අතර එතුළින් අලුතින් තේරී පත්වන පරිපාලනය වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවිය යුතු බව මහකොමසාරිස්වරයා පවසා සිටියා.

බලයේ සිටින අය ඉදිරි මැතිවරණවලට පෙර හෝ පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව මේ පරිවර්තනයට සහය දිය යුතු වන බව ද ඔහු අවධාරණය කර සිටියා.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශනයේ ද සීමිත ප්‍රගතියක් රජය අත්පත් කරගෙන තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියා.

එමෙන්ම අද වනවිට බරපතළ ලෙස උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු යැයි කියන පුද්ගලයින් ඉහළ තනතුරුවලට පත් කිරීම අඛණ්ඩව සිදුවීම ද වාර්තා වන බව ද මෙම මුල් බැසගත් දණ්ඩමුක්තිය තුළින් රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයේ මූලික හේතු වූ දූෂණය, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පාලන අසාර්ථකත්වයන් මගින් ප්‍රකාශ වී තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 51 / 1 යෝජනාව ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවය.

මෙම ඵලදායී නොවන සහ අනවශ්‍ය යාන්ත්‍රණය මගින් කවුන්සිලයේ විධානය ඉක්මවා යමින්, එහි ආරම්භක මූලධර්මවලට පටහැනිව ක්‍රියා කරන බව ඇය පවසා සිටියා.

එමෙන්ම කවුන්සිලය ඒක පාර්ශ්වීය බවට පත් කරමින්, අප දේශීය වශයෙන් ලබා ඇති ප්‍රගතියට ද හානි කිරීම කනගාටුදායක බවත් තෝරාගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි වරණාත්මක සහ අසමානුපාතික අවධානය යොමු කිරීම අපට පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක වැඩිදුරටත්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *