​පැය 24ක් තුළ මාරක රිය අනතුරු රැසක්: දිවයින පුරා පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට!

​ඊයේ (26) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම මාරක අනතුරු පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය, කළුතර උතුර, කෝපායි සහ අලව්ව යන පොලිස් වසම්වලින් වාර්තා වී ඇත.​පේරාදෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් 46 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇති අතර, මාලඹේ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 25 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නිකවැරටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 33 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.​කළුතර උතුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ පාපැදියක් ගැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, කෝපායි ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක පදිකයෙකු ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. මීට අමතරව අලව්ව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,067

Leave A Reply

Your email address will not be published. Required fields are marked *