2025.01.12 වන දින විදුලි කාර්මිකයෙකු වශයෙන් අකුරනට තම රැකියාව සඳහා පිටත්ව ගිය මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් නැමති වයස අවු 25 ක තරුණයා, දවුලගල ප්‍රදේශයේ සපුගහයටතැන්න හන්දියට බස් රථයක නැගීමට ගිය අවස්ථාවේ සුපුරුදු බස් රථය මඟහැරීම හේතුවෙන් එම තරුණයා බස් නැවතුම්පළේ සිටියදී දවුලගල දෙසට ආ කළුපාට වෑන් රථයක් ඒ අසලින් නැවැත් වූ බවත් ඒ සමඟම පාසල් යාම සඳහා පැමිණි සිසුවියන් දෙදෙනෙකු වෑන් රථය අසලින් ගිය අවස්ථාවේ වෑන් රථයෙන් පැමිණි පුද්ගලයකු එහි වූ එක් සිසුවියකගේ බෙල්ලෙන් අල්ලා වෑන් රථය තුලට දා ගත් බවත් ඒ සමඟම සිසුවියන් දෙදෙනාම කෑ ගැසූ බවත්ය.
ඒ අවස්ථාවේදීම මෙම තරුණයා ගොස් වෑන් රථයේ දොර වැසීමට නොදී දොරේ එල්ලී ගැහැණු ළමයා බේරා ගැනීමට උත්සහ කළ ද වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් හා වෑන් රථයේ සිටි පුද්ගලයකු තරුණයා තල්ලු කිරිම හේතුවෙන් ඔහු වෑන් රථයෙන් ඇද වැටී ඇත.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සහ පැහැරගත් පාසල් සිසුවිය සොයා විමර්ශන කටයුතු දවුලගල පොලිසිය විසින් සිදුකරනු ලබන අතර මේ සම්බන්ධව සිදුකල උත්සහයට එම තරුණයාට ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රණාමය පුද කරමි.