පික්මී රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස්පතිවරයාගෙන් සහතිකයක්

ජංගම යෙදවුම් හරහා කුලී රථ ප්‍රවාහන සේවාවල නියැලෙන රියදුරන්ට පවතින බාධා ඉවත් කර, ඔවුන්ට සුරක්ෂිතව සිය රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවට පොලිස්පතිවරයා සහතික වී තිබේ. පික්මී (PickMe) ආයතනය විසින් පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත.​සංචාරක කලාප සහ දිවයිනේ විවිධ තදාසන්න ප්‍රදේශවලදී යෙදවුම් හරහා ධාවනය වන රියදුරන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජන, පහරදීම් සහ බාධා කිරීම් සම්බන්ධයෙන් පික්මී ආයතනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම හමුව සංවිධානය කර තිබිණි. පසුගිය කාලසීමාව පුරාවට මෙවැනි සිදුවීම් වාර්තා වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බව එම ආයතනය පෙන්වා දෙයි.​මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ පික්මී ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරි මොහාන් ගමගේ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා සමඟ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක වූ බවයි. ඒ අනුව, ඉදිරියේදී ජංගම යෙදවුම් හරහා වෘත්තීය මට්ටමින් ප්‍රවාහන සේවයේ නිරත වන රියදුරන්ට කිසිදු බාධාවකින් තොරව තම කර්මාන්තයේ නියැලීමට අවශ්‍ය නීතිමය සහ ආරක්ෂිත පසුබිම නිර්මාණය වනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *