පිටකොටුවේ ඝාතනය ගැන කරුණු රැසක් හෙළි වේ

පිටකොටුව, රෙක්ලමේෂන් පාරේ දෙවන හරස් වීථියේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු වූ ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මහියංගනය – පදියතලාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු වන අතර, ඔහු යුද හමුදා ස්වෙච්ඡා බලකායේ සේවය කර පසුව ඉවත්ව ඇති අයෙක්.

වසරක පමණ කාලයක සිට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඔහු සේවය කර ඇති බවටද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පිරිසක් ඔහුගේ පිටුපසින් පැමිණ පහර දෙන අයුරු අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *