පිටකොටුව බස් නැවතුම්පොළේ මගී ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

උත්සව සමය නිමිත්තෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (12) ක්‍රියාත්මක කෙරුණා. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදාව ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වූයේ මගී ජනතාව දැනුවත් කිරීම සහ පොදු දේපළ අවභාවිතය වැළැක්වීමයි.​මෙහිදී බස් නැවතුම්පොළේ රැඳී සිටි මගීන් වෙත දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දුන් අතර, සැකකටයුතු පුද්ගලයන් හෝ පාර්සල් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීමේ වැදගත්කම නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. මීට අමතරව පොදු දේපළ ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය මෙන්ම ඒ හා සම්බන්ධ නීතිමය තත්ත්වයන් පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.​මෙම අවස්ථාවට ලංගම සභාපති සජීව නන්දන කනගරත්න මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. උත්සව සමයේ මගී ජනතාවගේ ගමන් බිමන් වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කෙරුණි.

What's your reaction?

Related Posts

1 of 1,093

Leave A Reply

Your email address will not be published. Required fields are marked *