දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
කොට්ටාව සිට පින්නදූව දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
වෑන් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
ඒ අතර කාන්තාවන් සිව් දෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් ගාල්ල ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.
වෑන් රථ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතුව බවටයි සැක කෙරෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ සහ ලොරි රථයේ රියදුරන් පෝද්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.