පිරිමි දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ හදපු පුද්ගලයෙක් මාට්ටූ

සමාජ මාධ්‍ය හරහා පිරිමි දරුවන්ගේ අසභ්‍ය දර්ශන ලබාගෙන වීඩියෝ නිර්මාණය කළ සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු පිළිබඳව සූරා කෑමට ලක්වූ ළමුන් සඳහා වන ඇමෙරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මගින් යොමු කර ඇති වාර්තාවක් අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් විමර්ශන සිදුකර ආණමඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

34 හැවිරිදි සැකකරු ආණමඩුව ආඬිගම ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයකු බවද පොලිසිය කියයි.

මෙම සැකකරු 2022 වර්ෂයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමයින්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප එක්රැස් කර ගනිමින් ඒවා නරඹා ඇති බවත්, එසේම ශ්‍රී ලංකාවේ 13 හැවිරිදි දරුවකුගේ නිරුවත් වීඩියෝ සහ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවද එම කාර්යාංශය කියයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *