පිරිවෙන් මණ්ඩලය රැස් වෙයි

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය සහභාගී වූ පළමු පිරිවෙන් මණ්ඩල රැස්වීම 2025/03/24වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සභික මණ්ඩල රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා තීන්දු තීරණ හා ප්‍රතිපත්ති, සැලසුම් සකස් කරනු ලබන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 202 වෙනි රැස්වීම වන අතර එහිදී ශාසනික ප්‍රබෝධයට මෙන් ම පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.

පිරිවෙන්වල ගුරුවරුන්ගේ ගැටළු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමේ කාර්යය හා පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *