පිරිසිදු ශ්‍රී ලංකා

ඉපලෝගම කල්ලංචිය ප්‍රදේශයේ වෙලදසැලකට ඉපලෝගම පොලිසිය යැයි කියා සිවිල් ඇඳුමින් පුද්ගලයන් දෙදනකු පසුගිය 5දා පැමිණ ඇත.

ඔවුන් පවසා ඇත්තේ පිරිසිදු ශ්‍රී ලංකාවැඩසටහන යටතේ කසළ බැහැර කරන ක්‍රමවේදය අපිලිවෙලක් ඇති බවත් එය පිලිවෙලකට සකසන ලෙසත් ය.

වෙලදසැල් හිමිකරු නිසි ක්‍රමවේදයට අනුව නාම පුවරු පවා යොදාගනිමින් කසළ බැහැර කිරීම සිදුකිරීමට කටයුතු කර ඇත.

පසු දින එම නිලදාරීන් දුරකතනයෙන් වෙලදසැල් හිමිකරු අමතා මෙම ගැටලුව විසදීමට යම් ස්තානයකට පැමිණෙන ලෙස පවසා ඇති අතර වෙලද සැලේ හිමිකරු නොපැමිණීම හේතුවෙන් නැවත 7වන දින නිලදාරීන් වෙලදසැලට ගොස් ක්‍රමවත් අයුරින් කසළ බැහැර කරන අයුරු පහැදිලිවම තිබියදී නඩු පවරා ඇති බවත් අඟහරුවාදා දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින බවත් පවසා ගොස් ඇත.
හිමිකරු පවසන්නේ මෙම පරීක්ෂාව සෑම වෙළෙඳ සලකම සිදු නොකර ඇති අතර මුසාවෙන් යම් මුදලක් ලබා ගැනීමට හැකි වලට පමණක් මෙලෙස ගොස් අඩු පවරන බවට පවසා මුදලක් අය කරන බවත් එසේ මුදල් නොදෙන වෙළඳ සල් මේකරුවන්ට පාසල නොතිබුනත් නඩු පවරන බවත්ය.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *