පිළිකා නාශක ඖෂධ ජාවාරමක් ගැන මුජිබර් රහමන්ගෙන් CIDයට පැමිණිල්ලක්

පිළිකා රෝගීන් සඳහා මෙරටට ගෙන්වා භාවිත කරන ලද ප්‍රමිතියෙන් තොර ඖෂධයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. තමන් හඳුනන පිළිකා රෝගී කාන්තාවක සඳහා මෙම ඖෂධය ලබා දී ඇති බවත්, එම ඖෂධය කිසිදු සුවයක් ලබා නොදෙන අකාර්යක්ෂම එකක් බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.​ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් (NMRA) කළ විමසීමකදී මෙම ඖෂධය ලංකාවේ ලියාපදිංචි කර නොමැති බව අනාවරණය වූ බව පැවසූ රහමන් මහතා, මෙම ජාවාරම පිටුපස සිටින පිරිස් සොයා වහාම විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *