නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (ජනවාරි 10) පෙරවරු 7.00 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 60ක් පමණ උතුරින් ස්ථානගතව තිබුණි. එය තවදුරටත් දුර්වල වෙමින් අද දහවල් වන විට ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























