පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මෙරට හමුදා කණ්ඩායම් 3 ක් අද මියන්මාරයට.

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද(05)  මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, වෛද්‍ය කණ්ඩායමක්,  ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි.

එසේම විපතට පත් ජනතාව  වෙනුවෙන් ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කල ආධාර තොගයද එම ගුවන් යානයෙන් රැගෙන යාමට නියමිතයි.

අදාළ ගුවන් යානය අද(05) පෙරවරු 8ට පමණ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් ක‍ළේ ය.
 

What's your reaction?

Related Posts

1 of 682

Leave A Reply

Your email address will not be published. Required fields are marked *