දැඩි ලෙස බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, ව්‍යසනයකින් පසු ඇතිවන මානසික ආතතිය, දුක, කෝපය, බිය හෝ ව්‍යාකූලත්වය වැනි හැඟීම් සාමාන්‍ය බවත්, යථා තත්ත්වයට පත්වීම සඳහා මානසික යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය බවත්ය. ඔබගේ චිත්තවේගීය සෞඛ්‍යයට සහාය වීම සඳහා ගත යුතු සරල පියවර කිහිපයක් මෙහි දැක්වේ: ඔබගේ ශක්තීන් සහ පාලනය කළ හැකි කුඩා වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න; නිවාස පිරිසිදු කිරීම, ලියකියවිලි වර්ග කිරීම, අසල්වාසීන් සමඟ සම්බන්ධ වීම සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම මගින් පාලනය පිළිබඳ හැඟීමක් ලබා ගත හැකිය. අන් අය සමඟ සම්බන්ධව සිටින්න සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් (ගැබිණි මවුවරුන්, කුඩා දරුවන් සිටින මවුවරුන්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ මානසික සෞඛ්‍ය තත්වයන් සහිත අය) පිළිබඳව සොයා බලන්න. හැකි පමණින් දරුවන්ට සහතික වෙමින් සාමාන්‍ය දින චර්යාවන් පවත්වා ගන්න, සරල පැහැදිලි කිරීම් භාවිතා කරමින් වැඩිහිටියන් සියලු දෙනාම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට මතක් කර දෙන්න. ආගමික සහ සංස්කෘතික පිළිවෙත් (යාඥා, භාවනා, ප්‍රජා රැස්වීම්) ආරක්ෂිත වන තාක් කල් සැනසිල්ල ලබා දිය හැකිය. ඔබ අසනීපයකට ඖෂධ ලබා ගන්නේ නම්, ඒවා දිගටම පාවිච්චි කරන්න. මානසික ආතතිය වැඩි කළ හැකි බැවින්, දුක්ඛිත පුවත් බැලීම හෝ ඇසීම සීමා කර නිල සහ සත්‍යාපිත මූලාශ්‍රවලින් පමණක් යාවත්කාලීන වීම් ලබා ගන්න. සත්‍ය තොරතුරු නොවන, පුද්ගලික දත්ත සහ දුක්ඛිත ඡායාරූප හා වීඩියෝ බෙදාගැනීමෙන් වළකින්න. මුහුණ දීමේ යාන්ත්‍රණයක් ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින්න; මේවා පසුව විශාල ගැටලු වලට තුඩු දෙනු ඇත. තවද, කිසිසේත්ම තත්වය අනිසි ලෙස ප්‍රයෝජනයට නොගන්න. යම් පුද්ගලයන්ට දැඩි ලෙස පීඩනයට පත්වී, නින්ද නොයාම, කාංසාව හෝ පීඩාකාරී සිතුවිලි ඇති වුවහොත්, උපකාර පැතීම දුර්වලකමක් නොව ශක්තියක් බව මතක තබා ගන්න. ඔබට ඕනෑම වේලාවක 1926 (ජාතික මානසික සෞඛ්‍ය උපකාරක දුරකථන සේවාව) අමතන්නට හෝ සියලුම රෝහල්වලින් මානසික සෞඛ්‍ය සේවාවන් ලබාගත හැකියි.

























