පීතර රග්බි අභිමානය නැවතත් පිටියට: 2026 තරග වාරය සඳහා නිල ජර්සිය එළිදක්වයි!

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2026 පාසල් රග්බි තරග සමය සඳහා සිය සූදානම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින්, නව ජර්සිය එළිදැක්වීමේ සහ අනුග්‍රාහක උපහාර උළෙල විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මෙහිදී 2026 වසරේ පළමු පෙළ (1st XV) කණ්ඩායමේ නිල ජර්සිය විදුහල්පති රෝහිත රොඩ්රිගු පියතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වූ අතර, ඉදිරි තරගාවලිය සඳහා ක්‍රීඩකයින් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.​මෙවර තරග වාරයේදී ශාන්ත පීතර කණ්ඩායමේ නායකත්වය ෂෙනුක පෙරේරා විසින් දරනු ලබන අතර, උප නායකයින් ලෙස රෙවොන් පෙරේරා සහ සෙනුත් ඩින්සර කටයුතු කරති. කණ්ඩායමේ ජයග්‍රාහී මාවත ශක්තිමත් කිරීම සඳහා නව ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීණ පුහුණුකරුවෙකු වන රජීව් පෙරේරා මහතා පත් කර තිබීම විශේෂත්වයකි. නව උපායමාර්ග සහ දක්ෂතා සමඟින් පීතර රග්බි සම්ප්‍රදාය ඉදිරියට ගෙනයෑමට කණ්ඩායම මේ වන විටත් දැඩි පුහුණුවීම්වල නිරතව සිටියි.​මෙම ගමන ශක්තිමත් කරන ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කාගිල්ස් සිලෝන් පීඑල්සී (කොත්මලේ) ආයතනය කටයුතු කරන අතර, TDM ඉන්ටර්නැෂනල්, ඒ ජේ මෙඩිකෙම්, TVS ලංකා ඇතුළු ආයතන රැසක් රිදී සහ රන් අනුග්‍රාහකත්වයෙන් දායකත්වය සපයයි. මීට අමතරව ගෝර්ඩන් ශ්‍රී ලංකා, කැලරි කවුන්ටර් සහ හේමාස් රෝහල යන ආයතන පිළිවෙළින් ඇඳුම්, පෝෂණ සහ සෞඛ්‍ය සහකරුවන් ලෙස සිය සහයෝගය ලබා දෙමින් පීතර රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,043

Leave A Reply

Your email address will not be published. Required fields are marked *