ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (20) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් මඟින් ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි, අද (20) මධ්‍යහන 12.00ට පසු නාමයෝජනා භාරගැනීම් සිදු නොකෙරේ.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම පසුගිය 17 වැනිදා ආරම්භ විය.
නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසු, මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.
එසේම, පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ (19) දිනයෙන් නිමා වූ බව ද වාර්තා වේ.