පුත්තලම් දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ නාත්තන්ඩිය අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට පෙර, අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කොච්චිකඩේ සහ නාත්තන්ඩිය අතර මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවා තිබුණි. ඒ අනුව, එම මාර්ගයේ ධාවනය සිදුවූයේ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා පමණි.කෙසේ නමුත්, මේ වනවිට කොච්චිකඩේ සහ නාත්තන්ඩිය අතර සිදු කෙරුණු අලුත්වැඩියා කටයුතු සාර්ථකව අවසන් කර ඇති බැවින්, කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරේ. ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙරට ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයකටම හානි සිදුවූ අතර, උඩරට දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන කිහිපයක ද පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.


























