පුත්තලම තිල්ලයඩි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර වාහනය පැහැරගෙන යයි

පුත්තලම, තිල්ලයඩි අල්-කාසිම් ගම්මානය අසල මාර්ගයක දමා තිබියදී 72 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මළසිරුරක් අද (22) සොයාගත් බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිල්ලයඩි ප්‍රදේශයේම පදිංචි පස්දරු පියෙකු වන අබ්දුල් ලතීෆ් නැමැති අයෙකි.​පොලිස් පරීක්ෂණවලට අනුව, ඊයේ (21) රාත්‍රී කාලයේදී කිසියම් අයෙකු විසින් ගමනක් යාම සඳහා මොහුව නිවසින් කැඳවාගෙන ගොස් ඇති අතර, පසුදා උදෑසන වනතුරුත් ඔහු යළි නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පසුව ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි අඩපන විල්ලුව ගම්මානයට යන මාර්ගයේ ඇළක් අසල තිබී මළසිරුර හමුවී ඇත. මියගිය පුද්ගලයා සතු ත්‍රිරෝද රථය දැනට අතුරුදන්ව ඇති අතර, ඝාතකයන් විසින් එය පැහැරගෙන යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.​පාරේ ගමන් ගත් අයෙකු සිරුර දැක ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පුත්තලම පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *