පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (හැඳුනුම්පත් කාර්යාලය) සියලුම මහජන සේවා අද (24) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයිනේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් අද දිනය තුළ ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව අද දිනට නියමිතව තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ “එක්දින සේවාව” ඇතුළු සියලුම පොදු සේවාවන් අක්‍රීය වනු ඇත. පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කර මහජන සේවාවන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
























