කසකස්තානයේදී පුද්ගලයන් 38 දෙනෙකුට මරු කඳවු මගී ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් රුසියාව අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ රුසියානු ගුවන් යානා නාශක පද්ධතියක් විසින් අසර්බයිජාන් එයාර්ලයින්ස් ගුවන් යානයක් බිම හෙළන්නට ඇති බවටයි.
ඇතැම් ගුවන් සේවා විශේෂඥයන් යෝජනා කළේ මෙම පහර දීමට රුසියානු මිසයිලයක් වගකිව යුතු බවයි.
කසකස්ථානයේදී පුද්ගලයින් 67 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.
අසර්බයිජාන් ගුවන් සේවය විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය කසකස්ථානයේ අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා තිබෙනවා.
එසේම ගුවන් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් අසර්බයිජානය ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.