සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වීමෙන් පුළුල් මහජන මතභේදයකට තුඩු දුන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දැන්වීම් පුවරු ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වන වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරයා සොයා දැඩි සෝදිසි මෙහෙයුමක් පොලිසිය විසින් දියත් කර ඇත. මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළ අතර, සැකකරුවන් විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලද දැන්වීම් පුවරු කිහිපයක් ද වාලච්චේන පොලිසිය විසින් සොයාගෙන තිබේ. ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට විශ්වාස කෙරෙන අතර, ඔහුව සොයා අත්අඩංගුවට ගැනීමට වෙනම පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව ද වැඩිදුරටත් අනාවරණය විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානවල දිශානුගත සහ තොරතුරු දැන්වීම් පුවරු සවි කිරීම නොවැම්බර් 3 වන දින ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, මෙම පුවරු නොවැම්බර් 22 වන දින ප්‍රාදේශීය බලධාරීන් හා සම්බන්ධ පුද්ගලයන් විසින් ඉවත් කර ඇති බව වාර්තා විය. පුවරු ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල බහුලව සංසරණය වූ අතර, එය මහජන කෝපයක් අවුලුවා ඇති අතර, බලධාරීන්ට විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට බල කෙරුනි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, මෙම කාරණය දැනටමත් අධිකරණයට වාර්තා කර ඇති බවත්ය. රාජ්‍ය දේපලවලට සහ පුරාවිද්‍යාත්මක උරුමයන්ට බාධා කළ බවට හසුවන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.
























