ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පුලතිසි අන්තර් නගර දුම්රිය සහ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, තෝරාගත් මාර්ග කිහිපයක පාසල් සිසුන් වෙනුවෙන් අලුතින් දුම්රිය සේවා හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව, පුලතිසි අන්තර් නගර දුම්රිය 2026 ජනවාරි 9 වනදා සිට යළි ධාවනයට එක්වන අතර, එය සෑම සිකුරාදා දිනකම කොළඹ කොටුවෙන් මඩකලපුව බලා ගමන් කිරීමටත්, සෑම ඉරිදා දිනකම මඩකලපුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වීමටත් නියමිතය. මගී ඉල්ලුම මත ඉදිරියේදී මෙම දුම්රිය වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ද බලධාරීන් අපේක්ෂා කරයි.මේ අතර, සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ඇල්ල ඔඩිසි දුම්රිය 2026 ජනවාරි 7 වැනිදා සිට සෑම බදාදා දිනකම අඹේවෙල සහ බදුල්ල අතර ධාවනය වනු ඇත. මීට අමතරව, මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පසු පළමු වරට පාසල් දිනවලදී නාවලපිටිය – හැටන් සහ මහනුවර – වත්තේගම අතර සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇත. මෙම නව සේවාවන් ජනවාරි 5 සහ 6 යන දිනවල සිට ක්‍රියාත්මක වන අතර, ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම, සංචාරක ක්ෂේත්‍රයට සහය වීම සහ පාසල් දරුවන්ගේ ගමන් පහසුව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බව දුම්රිය බලධාරීන් පවසයි.


























