පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක සහ තවත් පුද්ගලයින් පස්දෙනෙකු එළඹෙන පෙබරවාරි 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිරිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.​මෙම සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ නමක් ඉවත් කිරීමට දැරූ උත්සාහයකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් මත පදනම් වූවකි. අදාළ ඉදිකිරීම අනවසර එකක් බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර තිබූ අතර, එය ඉවත් කිරීමට යාමේදී භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ අනුව, වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු මෙම පිරිස එදින සිට දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *